පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසට කටයුතු කර මේ වන විට සමගි ජන බලවේගයේ ගලගෙදර ආසන සංවිධායකවරයා ලෙසට කටයුතු කරන මහාචාර්ය උපුල් දිසානායක හට පිලිමතලාව ප‍්‍රදේශයේදී තරුණයන් පිරිසකගේ පහරදීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිය නවීන බෙන්ස් රථයේ නැගී කිසියම් කටයුත්තකට පිළිමතලාව නගරය වෙත ගිය මහාචාර්යවරයාගේ මෝටර් රථය මගින් ත‍්‍රීරෝද රථයක් අනතුරට ලක්ව තිබේ.අදාල ත‍්‍රීරෝද රථයේ කුඩා දරුවෙකු ඇතුළු දරු පවුලක් ගමන් කර තිබෙන අතර අනතුර සිදුකල මහාචාර්යවරයා වින්දිත පුද්ගලයන් පිලිබදව සොයා බැලීමකින් තොරව එම ස්ථානයෙන් පලා යාමට තැත් කිරීමේදී නගරයේ තරුණයන් පිරිසක් විසින් අල්ලාගෙන ප‍්‍රශ්නකර තිබේ. මෙම අවස්ථාවේදී වරද පිලිගැනීමෙන් තොරව මුදල් නෝට්ටු මිටියක් දිගු කර බේරී යාමට උත්සාහ කිරීම හේතුවෙන් කෝපයට පත්වූ තරුණයන් පිරිස මහාචාර්යවරයාට පහරදී මුදලට වඩා මනුෂ්‍යත්වයෙන් කටයුතු කල යුතු වන බව පෙන්වා දී තිබේ.
පසුව අවට සිටි මහජනතාවගේ මැදිහත් වීමෙන් මහාචාර්යවරයා එම ස්ථානයෙන් පිටත්කර හැරීමට කටයුතු කර ඇති අතර වින්දිත පුද්ගලයා කිසිදු මුදලක් ලබාගැනීම ප‍්‍රතික්ෂේප කර ඇත.














