අවන්හලක ඇති වූ ආරවුලකින් අනතුරුව මුදල් කොල්ලකෑමේ චෝදනාවට වරදකරු වූ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සහ සිවිල් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහතා විසින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.
දීර්ඝ නඩු විභාගයකින් පසු ලබා දී ඇති මෙම තීන්දුව යටතේ, අදාළ චෝදනාවලට වරදකරු කෙරුණු සිවිල් පුද්ගලයාට බරපතළ වැඩ සහිත වසර 5ක සිරදඬුවමක් හිමිවී ඇත.














