හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි සෞඛ්ය තත්ත්වයක් හේතුවෙන් අද (12) පෙරවරුවේ කොළඹ නවලෝක පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇති බව මාධ්ය වාර්තා කරයි.
ඔහුට හදිසි හෘද රෝගී තත්ත්වයක් ඇති වූ බවට ඔහුට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා පළ වී ඇත. එහෙත් එම තොරතුර රෝහල් බලධාරීන් හෝ පවුලේ නිල ප්රකාශයක් මගින් තහවුරු කර ඇති බවක් මෙතෙක් වාර්තා වී නොමැත.
හිටපු ජනාධිපතිවරයාගේ වත්මන් සෞඛ්ය තත්ත්වය පිළිබඳ නිල තොරතුරු ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා කළ හැකිය.
















