27 April 2024
#දේශීය

හිටපු ජනපති මෛත්‍රිපාල යාපනයේ සංචාරයක

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(29) යාපනය සංචාරයක නිරත විය.

එම සංචාරයේදී රදගුරු ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් (Justin Bernad Gnanapragasam) පියතුමන් ද , ශ්‍රී නාග විහාරස්ථානයට ගොස් විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල නා හිමියන් ද බැහැදැක ආශිර්වාද ලබාගන්නා ලදි.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ කාර්යාලයේදී පැවැති ආගමික නායයින්ගේ රැස්වීමේදී ආගමික සහජිවනය පිළිබදවත්, යාපනය ජනතාවගේ ගැටලු පිළිබඳවත් සාකච්ඡා කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරය දැරූ සමයේ උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් විශේෂ කාර්ය සාධක බලකායක් පත් කර උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් කළ කැපකිරීම පිළිබඳව මෙහිදී ආගමික නායකයින් සාකච්ඡා කළේය.

එම අවස්ථාවට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා, ශ්‍රීලනිප ජාත්‍යන්තර කටයුතු ලේකම් සජින් ද වාස් ගුණවර්ධන මහතා, ආචාර්ය චමිල ලියනගේ මහතා, පොළොන්නරුව ප්‍රධාන ආසන සංවිධායක දහම් සිරිසේන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *