අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝට් හුඩ් (Fort Hood) හමුදා කඳවුරට අයත් ‘ඇපාචි’ (Apache) වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් අමෙරිකානු හමුදා සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම හෙලිකොප්ටර් යානය එළිමහන් පිටියකට කඩා වැටීමත් සමඟ එම ප්‍රදේශයේ විශාල ගින්නක් හටගෙන ඇත. ගින්න පාලනය කිරීම සඳහා ප්‍රදේශයේ ගිනි නිවන ඒකක කිහිපයක් එක්ව කටයුතු කර තිබේ.














