ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සිදු කරන ලද මෙහෙයුමකදී, ජංගම දුරකථනයක හැඩයට නමා සැඟවිය හැකි ගිනි අවි දෙකක් සොයා ගැනීමෙන් අනතුරුව පුද්ගලයින් හතර දෙනෙකුට එරෙහිව එරට පොලිසිය චෝදනා ගොනු කර තිබේ.
ක්වීන්ස්ලන්ත පොලිසිය සඳහන් කළේ, අගෝස්තු 2 වන දින පස්වරු 5 ට පමණ ඩිසෙප්ෂන් බේ (Deception Bay) හි ක්‍රොස් වීදිය පිහිටි නිවසකදී මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. එහිදී ජංගම දුරකථන ලෙස පෙනෙන සේ නමා සැඟවිය හැකි Handgun වර්ගයේ ගිනි අවි දෙකක් සොයාගත් බව පොලිසිය පවසයි.
මෙම සිද්ධියට අදාළව පුළුල් පරීක්ෂණ පැවැත්වීමෙන් පසු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන චෝදනා එල්ල කර ඇති අතර, නඩුව මේ වන විට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. ක්වීන්ස්ලන්ත පොලිසිය විසින් මෙම මෙහෙයුමට අදාළ විස්තර අගෝස්තු 12 වන දින නිල වශයෙන් අනාවරණය කරන ලදී.
















