27 April 2024
#දේශීය

උකුවෙල ප්‍රදේශයේ එකම පවුලේ සිව් දෙනෙකුට කපා කොටා තුවාල සිදු කරයි .. එක් පිරිමි දරුවා මරණයට පත්වෙයි

මාතලේ උකුවෙල ලෑලිඅඹේ ප්‍රදේශයේ පුද්ගලයකු විසින් එකම පවුලේ මවට , පිරිමි දරුවන් දෙදෙනකුට සහ දියණියකට ඊයේ(14)දා උදැසන තියුණු ආයුධයකින් කපා කොටා ඇති බවත් බරපතල කැපුම් තුවාල ලැබු අවුරුදු තුනහමාරක් වයස පිරිමි දරුවෙකු සිද්ධීයෙන් මරණයට පත්ව ඇති බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි.

ලැලිඅඹේ විද්‍යාලය අසළ නිවසක් තුළ 14දා උදැසන මෙම සිදුවිම සිදුව ඇති අතර දරුවන් උදැසන පාසල් යාමට සුදානම්ව සිටින අවස්ථාවේදි මෙම පුද්ගලයා නිවසට පැමිණ මෙම අපරාධය සිදු කර ඇති බවත් නිවසේ පියා රැකියාව සදහා උදැසන පිටත්ව ගොස් ඇති බවද පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ලැලිඅඹේ පදිංචි අනුජ් විහංසන පෙරේරා නැමති අවුරුදු තුනහමාරක් වයසැති දරුවෙකි.

සිද්ධියෙන් තුවාල ලැබු ලැලිඅඹේ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මව 19 හැවිරිදි දියණිය සහ අනෙක් පිරිමි දරුවා මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ටද බරපතල තුවාල ලබා ඇති බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙම අපරාධය සිදු කළ පුද්ගලයා මාතලේ මුලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු ප්‍රදේශයේ නිවසක තනිව ජිවත්වන පුද්ගලයකු බවද බිරිද ද මොහු හැර ගොස් ඇති බවද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විමට නියමිතය.

මෙම පහරදිම කුමක් නිසා සිදු වුවාද යන්න පිළිබදව මාතලේ මුලස්ථාන පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් සිදු කරන බවද පොලිසිය කියයි.

මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන මහතාගේ මුලිකත්වයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *