27 April 2024
#දේශීය

ඇල්ල දියඇල්ලේ අනාරක්ෂිත ස්ථානයට ගිය සිව්දෙනෙකු අතුරුදහන්

ඇල්ලවල දියඇල්ලේ අනාරක්ෂිත ස්ථානක දිය නෑමට ගිය තරුණයින් සිව් දෙනෙකු අද (21) උදෑසන දියේ ගිලි අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසයි.

තරුණයින් පිරිසක් එම ස්ථානයේ දියනෑමට ගොස් ඇති අතර ඇති බව වැල්ලවාය පොලිස් ස්ථානය කල මුළික විමර්ශනයේදී අනාවරන වී ඇත. අතුරුදහන් වු තරුණයින් අවුරුදු 20 හා 21 වයස් වල පසුවන කල්මුනයිකුඩි හා සයින්දමරුදු ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මෙම අනතුර සිදු වු ස්ථානයට ගමන් කරන මාර්ගයේ පවා දිය නෑමට නුසුදුසු බව සඳහන් පුවර් සවි කර තිබියදී අදාල තරුණයින් එම ස්ථානයේ දියනෑමට ගොස් මෙම අනතුරට මුහුණ පා ඇති බව මුළික විමර්ශනයේදී අනාවරණ වී ඇත.

මේ වන විට අතුරුදහන් වු තරුණයන් සොයා පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින් හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇති තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *