• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා – මාලදිවයින් ඒකාබද්ධ කොමිසමේ සිව්වැනි සැසිවාරය අවසන් – විදේශ කටයුතු අමාත්‍යංශය

9 June 2023
in දේශීය

ශ්‍රී ලංකා – මාලදිවයින් ඒකාබද්ධ කොමිසමේ සිව්වැනි සැසිවාරය සාර්ථකව පසුගිය 07 වනදා කොළඹ දී අවසන් කල බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඒ, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ සහ මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂහිඩ් මහතාගේ සම සභාපතිත්වයෙනිත මෙය ශ්‍රී ලංකා – මාලදිවයින් ඒකාබද්ධ කොමිසමේ සිව්වැනි සැසිවාරය වේ.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමට පෙර, ජූනි 06 වැනි දින, අමාත්‍ය මට්ටමේ රැස්වීම පැවැති අතර, විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් යසෝජා ගුණසේකර මහත්මිය සහ මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යංශයේ ද්විපාර්ශ්වික කටයුතු ලේකම් හලා හමීඩ් මහත්මියගේ සමසභාපතිත්වයෙන් එය පැවැත්විණි.

දෙරට අතර වෙළඳ හා ආයෝජන, සංචාරක, රැකියා, ධීවර, අධ්‍යාපන, සෞඛ්‍ය, සහ සංස්කෘතික සහයෝගීතාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි මෙම ඒකාබද්ධ කොමිසමේ අවධානය යොමු විය. මෙම ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින් දෙරටේ සබඳතා ශක්තිමත් කිරීමට ගනු ලබන ප්‍රයත්න තීව්‍ර කිරීමට දෙපාර්ශ්වය සිය එකඟත්වය පළ කළ හ. පවතින ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවබෝධ කර ගත් රටවල් ද්විත්ත්වය, නව ගිවිසුම් අනුගමනය කිරීමට ද එකඟත්වය පළ කළ හ. එකඟ වූ සහයෝගීතාව ක්‍රියාවට නැංවීමට පහසුකම් සැලසීම සඳහා වෙළඳ, ධීවර, සංචාරක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළව ක්‍රියාකාරී කණ්ඩායම් පිහිටුවීමට ද දෙපාර්ශ්වය තීරණය කළ හ.

සංචාරක හා ධීවර ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමේ හැකියාව, රැකියා අවස්ථා පුළුල් කිරීම මෙන්ම මාලදිවයිනේ වෙළඳාම සහ ආයෝජන කටයුතු සඳහා පහසුකම් සැලසීම පිළිබඳ එකඟතාවයන් ඇතුළුව ශ්‍රී ලංකාවට වාසිදායක ප්‍රතිඵල කිහිපයක් මෙම ඒකාබද්ධ කොමිසම හරහා ලබා දෙන ලදී. ශ්‍රී ලංකාව ශක්‍යතා පූර්ණ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස මාලදිවයින් සිසුන් අතර ප්‍රවර්ධනය කිරීම සඳහා, වයස අවුරුදු 18 ට අඩු සිසුන්ට සහනදායී සහ අන්‍යෝන්‍ය පදනමින් වීසා බලපත්‍ර නිකුත් කිරීමට පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය නියමිත ක්‍රියා පටිපාටි සම්පූර්ණ කිරීමට ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සිය කැමැත්ත පළ කළේ ය.

ඒකාබද්ධ කොමිසම අවසානයේ දී, දෙරට අතර සංස්කෘතික සහයෝගීතාව, සෞඛ්‍ය සහයෝගීතාව සහ මාලදිවයින් සංස්කෘතික මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීම යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබන ලදී.

1984 වර්ෂයේ දී පිහිටුවන ලද මාලදිවයින් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසම දෙරටේ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීම සහ සංවාද පිළිබඳ විධිමත් සහ වඩාත් ව්‍යුහාත්මක සමාලෝචනයක් සිදු කිරීම සඳහා වේදිකාවක් සපයයි.

මීළඟ ඒකාබද්ධ කොමිසම 2025 වර්ෂයේ දී මාලේ නුවර පැවැත්වීමට නියමිත ය.

 

Post Views: 22
Previous Post

ටෙලිකොම් පෞද්ගලිකරණය කිරිම ජාතික ආරක්ෂාවට තර්ජනයක් 

Next Post

නෙදර්ලන්ත තානාපතිනිය සහ ජාතික ජන බලවේගය නායක අනුර අතර හමුවක්

editor

editor

Next Post

නෙදර්ලන්ත තානාපතිනිය සහ ජාතික ජන බලවේගය නායක අනුර අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved