ප්‍රංශය ඇතුළු බටහිර යුරෝපා කලාපය පුරා පවතින අසාමාන්‍ය සහ වාර්තාගත අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 7ක් වාර්තා වී තිබේ.
රජයේ මාධ්‍ය ප්‍රකාශක මෝඩ් බ්‍රෙගොන් සනාථ කරන පරිදි, මෙම මරණ සියල්ලම සෘජුව හෝ වක්‍රව අධික උෂ්ණත්වයේ බලපෑමෙන් සිදුව ඇත. විශේෂයෙන්ම පවතින රස්නයෙන් බේරීම සඳහා ජලාශ සහ මුහුදට බැසීමට උත්සාහ කළ පුද්ගලයන් 5 දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගෝලීය උණුසුම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස මතු වී ඇති මෙම දේශගුණික තත්ත්වය පාලනය කිරීම සහ මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රංශ බලධාරීන් මේ වන විට හදිසි පියවර ගනිමින් සිටී.
















