ප්‍රංශයේ නිරිතදිග ගිරොන්ඩ් (Gironde) කලාපයේ දින කිහිපයක් පුරා පැතිර යන දරුණු ලැව්ගින්නක් හේතුවෙන් කැප් ෆෙරේ (Cap Ferret) අර්ධද්වීපය සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීමට එරට බලධාරීන් නියෝග කර තිබේ.
අඟහරුවාදා සෞමෝස් (Saumos) ප්‍රදේශයෙන් හටගත් මෙම ලැව්ගින්නෙන් හෙක්ටයාර් 8,700කට අධික ප්‍රදේශයක් විනාශ වී ඇති අතර, සංචාරක ආකර්ෂණය දිනාගත් මෙම ප්‍රදේශයෙන් සිය ගණනක් ජනතාව බෝට්ටු මඟින් ආරක්ෂිත ප්‍රදේශ වෙත ඉවත් වෙමින් සිටිති. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසා ඇත්තේ මේ වන විට රටේ ලැව්ගිනි තත්ත්වය ඉතා උණුසුම් හා අවදානම් සහගත බවත්, යුරෝපා සංගමයේ සහය යටතේ ක්‍රොඒෂියාව, පෘතුගාලය, චෙක් ජනරජය සහ ස්ලෝවැකියාව යන රටවලින් ගුවන් යානා සහය ඉක්මනින් ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවත්ය. මීට අමතරව, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ආසන්න ප්‍රදේශවලද ලැව්ගිනි පාලනයකින් තොරව පැතිර යාම නිසා එරට රජය ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.














