ප්‍රංශය පුරා පැතිර යන පාසල් සිසුන්ගේ විරෝධතා හේතුවෙන් දශක ගණනාවකට පසු එරට පාසල් පද්ධතිය මුහුණ දුන් බරපතළම තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.
ගුරුවරුන් සහ දෙමාපියන්ද එක්වූ මෙම විරෝධතා සඳහා නගර රැසකින් පුද්ගලයින් 250,000කට වැඩි පිරිසක් එක්වූ බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
පැරිස්, ස්ට්‍රාස්බර්ග්, රෙන් සහ ටූලූස් ඇතුළු නගර කිහිපයකදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරක රථ භාවිත කර තිබේ.
ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් මේ වනවිට සිසුන් 215 දෙනෙකු සහ පාසල් කාර්ය මණ්ඩල සාමාජිකයින් 85 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු සඳහන් කර ඇත.
එමෙන්ම පොලිස් නිලධාරීන් 700කට වැඩි පිරිසක්ද තුවාල ලබා ඇති බව වාර්තා වේ.














