ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමාණ්ඩර් Guillaume Furgolle ඊයේ (23) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා මහතා හමු විය. මෙම නිල හමුවේදී, දෙරටේ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ දෙපාර්ශ්වය අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.














