27 April 2024
#දේශීය

මාතලේ සිසු සිසුවියන් දහසකට නොමිලේ පොත් පත් බෙදා දෙයි

මාතලේ නගර සිමාවේ තෝරාගත් සිසු සිසුවියන් දහසකට අධික පිරිසකට පොත් පත් බෙදා දිම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ නගර ශාලා ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණි.

පළාත් ආණ්ඩුකාරවරයාගේ සිව් වස් පූර්ණය නිමිතිකොට ගෙන මාතලේ මහ නගර සභාවේ ප්‍රතිපාදන වලින් මෙම ප්‍රදානයන් සිදු කළේය.

මෙම අවස්ථාව සදහා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මාතලේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නිශාන්ත මාධූවගේ යන මහත්ම මහත්මීන් ද එක් ව සිටියේය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *