• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිදහස් පක්ෂයේ මැයි රැලිය ගම්පහදී

29 April 2024
in දේශීය, පුවත්
නිදහස් පක්ෂයේ මැයි රැලිය ගම්පහදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය මැයි 01 වැනිදා ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

“රට රකින ජන පවුර“ තේමාව කරගනිමින් පැවැත්වෙන මැයි දින සැමරුම් රැළිය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාරථි දුෂ්මන්ත මිත්‍රපාල මහතා, නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා, රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් රෝයි ද මෙල් මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයින් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහභාගීත්වයෙන් ලබන 01 වැනිදා පස්වරු 02.00 ට ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතයි.

මැයි දිනයේදී කම්කරු අයිතීන් වෙනුවෙන් වෘත්තීය සමිති නායකයින් අනුමත කළ විශේෂ මැයි දින යෝජනාවක් සම්මත කර ගැනීමටද නියමිත අතර පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙලද ජනතාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවර ශ්‍රීලනිප මැයි දින රැලිය සංවිධානය කරන්නේ නිදහස් සේවක සංගමය, රජයේ වෘත්තීය සමිති සම්මේලනය ඇතුළු පක්ෂයේ වෘත්තීය සමිති විසිනි.

ශ්‍රීලනිප මැයි දින රැළියට පක්ෂයේ වෘත්තීය සමිති, කාන්තා, තරුණ, වෘත්තීයවේදී ඇතුළු පක්ෂයේ අනුබද්ධ සංවිධාන, සියලු ආසන සංවිධායකවරුන් දිස්ත්‍රික් සංවිධායකවරුන් ඇතුළු ශ්‍රීලනිපය සමඟ කටයුතු කරන පක්ෂ රැසක නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

Post Views: 63
Previous Post

කුරුඳු වගාව නැවත රට තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම් ඇති බව ජනපති පවසයි

Next Post

ඉදිරි මාස තුන තුළ ආර්ථිකය තවත් ශක්තිමත් වෙනවා – රාජ්‍ය ඇමැති ෂෙහාන්

editor ttvnews

editor ttvnews

Next Post
ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළට – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

ඉදිරි මාස තුන තුළ ආර්ථිකය තවත් ශක්තිමත් වෙනවා - රාජ්‍ය ඇමැති ෂෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved