යුරෝපය පුරා මේ දිනවල හමා යන අතිශය බිහිසුණු තාප තරංගයක් හේතුවෙන් ප්‍රංශයේ පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. යුරෝපීය ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඉහළ ගිය උෂ්ණත්වය හේතුවෙන් නගර කිහිපයකම පෙර තිබූ උෂ්ණත්ව වාර්තා බිඳ වැටී තිබේ.
මෙම ඛේදවාචකය අතරතුර උණුසුම් මෝටර් රථයක් තුළ සිරවී සිටි කුඩා දරුවන් දෙදෙනෙකු ද මියගොස් සිටියදී හමුවීම දැඩි කම්පනයක් ඇති කර තිබේ. අධික උෂ්ණත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ප්‍රංශයේ පාසල් වසා දැමීමට හෝ පාසල් කාලසටහන් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
බ්‍රිතාන්‍යයේ කාලගුණ අනාවැකිකරුවන් පවසන්නේ, මෙම සතිය පුරාම තාප තරංගයේ බලපෑම යුරෝපය පුරා තවදුරටත් දැඩි ලෙස පවතිනු ඇති බවයි.
පවතින උණුසුම් තත්ත්වය මත ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙසත්, සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අංශ විසින් දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. යුරෝපීය රටවල් රැසක් මේ වන විට ඉතිහාසයේ දැඩිම තාප අර්බුදයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
















