මෙරට පලතුරු වගාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව රක්ෂණ යෝජනා ක්රමයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.
මෙම නව රක්ෂණාවරණය යටතේ අන්නාසි, පැපොල් සහ කෙසෙල් ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශිත භෝග රැසක් රක්ෂණය කර ගැනීමට ගොවීන්ට අවස්ථාව හිමිවේ. මූලික රක්ෂිත මුදලින් සියයට 7ක (7%) මුදලක් වාරිකයක් ලෙස ගෙවීමෙන් මෙම රක්ෂණාවරණය ලබාගත හැකි බව ද අදාළ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
















