• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැතිවරණ සහ ඡන්ද විමසීම් ගැන සාකච්ඡා තවදුරටත් – පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

7 September 2021
in දේශීය

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

ඒ, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම රැස්වීමේදී ප්‍රථමයෙන් ම එක්සත් ජාතික පක්ෂය කාරක සභාව හමුවේ, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය යෝජනා තවදුරටත් පැහැදිලි කළේය.

පළාත් පාලන ඡන්ද ක්‍රමයේ පවතින අඩුපාඩු හඳුනාගනිමින් ඒ සඳහා වන විසඳුම් ලබා දීම සඳහා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා පත්කර තිබූ ත්‍රි පුද්ගල සමාලෝචන කමිටුවේ වාර්තාවේ යෝජනා පිළිබඳ, එම කමිටු සාමාජිකයන් 2021.09.07 දින තවත් ඉදිරිපත් කිරීමක් කළේය.

ඒ සඳහා එම කමිටුවේ සාමාජිකයන් වන ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ, ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක( එම කමිටු සභාපති) කාරක සභාව හමුවට පැමිණ සිටියහ. නව පළාත් පාලන ඡන්ද ක්‍රමය, පසුගිය පළාත් පාලන ඡන්දයේදී ක්‍රියාත්මක වීමේදී ප්‍රයෝගිකව සිදුවූ අඩුපාඩු වළක්වා ගැනීම සඳහා විකල්ප ක්‍රමවේද කිහිපයක් පිළිබඳව මහාචාර්ය සුදන්ත ලියනගේ මෙහිදී කරුණු පැහැදිලි කළේය.

යළිත් මෙම විශේෂ කාරක සභාව ලබන 13 හා 14 යන දිනවල පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිත බව, විශේෂ කාරක සභාවේ ලේකම් ,පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් , කාර්ය මණ්ඩල ප්‍රධානි, කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය.

එම දින දෙක තුළ ජාතික ජන බලවේගය,ඉලංගෙයි අරසු කච්චි, දමිළ ප්‍රගතිශීලි සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගය, අපේ ජන බල පක්ෂය, එක්සත් ජාතික නිදහස් පෙරමුණ, සමාජවාදී ජනතා පෙරමුණ මෙන්ම එක්සත් සමාජවාදී පෙරමුණ කාරක සභාව හමුවේ කරුණු දැක්වීමට නියමිතය.

Post Views: 24
Previous Post

කැම්සෝ ලෝඩ්ස්ටාර් වෙතින් කොවිඩ් මර්ධනයට රු.මි. 40ක අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ

Next Post

බීසීසී ආයතනය එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස් සමඟ ගිවිසුම්ගත වෙයි

editor

editor

Next Post

බීසීසී ආයතනය එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස් සමඟ ගිවිසුම්ගත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved