ස්විට්සර්ලන්තයේ Galderma සම ආරක්ෂණ (Skincare) සමාගම, මෙම වසරේ පළමු කාර්තුව සඳහා සිය අලෙවි වාර්තා 25.5% කින් වර්ධනය කර ගැනීමට සමත්ව ඇති බව අද (23) නිවේදනය කළේය. ඒ අනුව ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ ඔවුන්ගේ මුළු අලෙවිය ඇමරිකානු ඩොලර් බිලියන 1.47 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ අමෙරිකානු වෙළෙඳපොළ වන අතර, එහි අලෙවිය පසුගිය වසරට සාපේක්ෂව 41.5% ක සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කර ඇත. අමෙරිකානු රජය පනවා ඇති බදු සංශෝධන මධ්‍යයේ වුවද, පවතින ඉහළ ඉල්ලුම හමුවේ සිය වාර්ෂික ඉලක්ක සපුරා ගැනීමට හැකි වනු ඇතැයි Galderma සමාගම විශ්වාසය පළ කරයි. Cetaphil සහ Restylane වැනි ලොව සුප්‍රකට සන්නාමයන් හිමිකාරීත්වය දරන මෙම සමාගමේ ශක්තිමත් ආරම්භය ආයෝජකයන්ගේ ද දැඩි අවධානයට ලක්ව තිබේ.














