ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන, ඉන්ද්‍රජෝති පාර ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03 ග්‍රෑම් 215 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේම පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.















