ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ පටුමග ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් සිදුකළ විමර්ශනවලට අනුව, සැකකරුවන් දෙදෙනෙකු පෙරේදා (19) රාත්‍රී ගල්කිස්ස ටෙම්පල් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවුරුදු 20 හා 23 වයස්වල පසුවන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් අතර එක් අයෙක් 2025 වසරේදී ගල්කිස්ස සිල්වෙස්ටර් පාරේදී සිදු වූ වෙනත් වෙඩි තැබීමේ ඝාතනයකටද ආධාර අනුබල ලබා දුන් අයකු බවට කරුණු අනාවරණය වී ඇති අතර, මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.














