ගාල්ල, කන්දවත්ත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව මත්කරල් (මත්පෙති) 3,222ක් සහ මත්කරල් අලෙවි කිරීමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 126,310ක මුදලක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි කන්දවත්ත, ගාල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. මෙම ජාවාරම සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.















