ශ්රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක අද (22) ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඇතැම් බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 334 දක්වා අඩු වී ඇති බව වාර්තා වනවා.
සම්පත් බැංකුවේ ඩොලරයක විකුණුම් මිල රු. 335.25 සිට රු. 334.50 දක්වාත්, මහජන බැංකුවේ මිල රු. 335.03 සිට රු. 334.92 දක්වාත් පහළ ගොස් තිබෙනවා.
සෙලාන් බැංකුවේ විකුණුම් මිල රු. 336 සිට රු. 335.80 දක්වාත්, NDB බැංකුවේ මිල රු. 335.50 සිට රු. 335.30 දක්වාත් අඩු වී ඇති අතර, කොමර්ෂල් බැංකුවේ විකුණුම් මිල රු. 335 ලෙස නොවෙනස්ව පවතිනවා.














