අඩු බර සහිතව මාළු අලෙවි කිරීමේ යෙදී සිටි ගාල්ල, ජා කොටු වැල්ලේ වෙළඳුන් දෙදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ගාල්ල දිස්ත්‍රික් කිරුම් මිනුම් හා ප්‍රමිති සේවා කාර්යාංශය පියවර ගෙන තිබේ. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ. යූ. චන්ද්‍රලාල් මහතාට ලැබුණු තොරතුරකට අනුව අද දහවල් මෙම වැටලීම සිදුකර ඇත.
කිරුම් මිනුම් නිලධාරීන් පොලිස් සහාය ඇතිව උපාය දූතයන් යොදා ගනිමින් මෙම වැටලීම සිදුකර තිබේ. එහිදී උපාය දූතයන් විසින් මිලදී ගත් ඉස්සන් කිලෝවක් නිසි තරාදියකින් නැවත කිරා බැලීමේදී එහි තිබී ඇත්තේ ග්‍රෑම් 790ක් පමණක් බව හෙළි වී ඇත.
මෙම වංචනික වෙළඳුන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මිනුම් ඒකක හා ප්‍රමිති සේවා කාර්යාංශයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කේ. එස්. කඩවත ආරච්චි මහතා සඳහන් කළේය.














