27 April 2024
#වෙනත්

ගාල්ලේ මිතුරු සංසදය ගොන්නගහහේන ප්‍රාදේශීය රෝහලේ ළමා වාට්ටුව ප්‍රතිසංස්කරණය කරයි

ගාල්ල, ඉමදුව, දික්කුඹුර අපිට අපි මිතුරු සංසදය හා කබලාන අනාගතය ගොඩනැගීමේ පදනම (BAFF) එක්ව අහංගම ගොන්නගහහේන ප්‍රාදේශීය රෝහලේ ළමා වාට්ටුව ප්‍රතිසංස්කරණය කිරීම කර නැවත භාරදීම සිදු කෙරුනි.

මෙහිදී වාට්ටුවේ පවතින අඩුපාඩු හා නවීකරණ සිදු කිරීමට තිබෙන අවශ්‍යතා පිළිබඳව වෛද්‍ය ධනුෂ්ක ජයසූරිය මහතා දැනුවත් කිරීමේන් ළමා වට්ටුවේ පවතින අවශ්‍යතා මෙන්න අඩුපාඩු සකසා කුඩා දරුවන් සිත්ගන්නා සුළු ආකාරයට වර්ණවත්ව තීන්ත අ‍ලේප කර ලබාදීමට හැකියාව ලැබුනු බව අපිට අපි මිතුරු සංසදයේ ලේකම් චින්තක හේවාමාන්න මහතා පවසයි.

මෙහි තීන්ත අලේප කිරීම හා දරුවන්ගේ සිත් ගන්නා ආකාරේ අලංකාර චිත්‍ර ඇදීම අපිට අපි මිතුරු සංසදයේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් සිදු කිරීමට හැකි වීම විශේෂත්වයකි. කබලාන අනාගතය ගොඩනැගීමේ පදනම (BAFF) පුහුණු ලාභින්ගෙන් වීශාල දායකත්වයක් ලබාදෙන බවත් එහි පුහුණු ලැබු පිරිසකගේ දායකත්වයෙන් විදුලි උපරකරණ හා අලුත්වැඩියා කර දීමට හැකියාව ලැබුනි.

මීට අමතරව පසුගිය දා භාහිර රෝගී අංශයේ ද තීත්ත අලේප කර දීමට හැකියාව ලැබුණු බවත් වැඩිදුරටත් පවසයි.

මෙම වැඩසටන ආරාම්භයේ සිටම වෛද්‍යවරුන්ගේ හෙද නිළදාරිනියන්ගේ හො රෝහල් කාර්ය මණ්ඩලයේ පූර්ණ සහයෝගයක් ලැබුනු බව ලේකම්තුමා පවසයි. ඉදිරියේදී තවත් මෙවැනි සමාජ සත්කාර සිදු කිරීමට අපිට අපි මිතුරු සංසදය බලාපොරත්තු වන බව වැඩිදුරටත් කියා සිටියි.

මෙම අවස්ථාව සඳහා වෛද්‍ය ධණුෂ්ක ජයසූරිය මහතා, වෛද්‍ය ගුණරත්ත මහතා රෝහලේ හෙද නිළදාරිනයන් රෝහල් කාර්ය මණ්ඩලය අපිට අපිට මිතුරු සංසදයේ සාමාජිකයන් ගේ පවුල්වල සාමාජිකයන් සහභගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *