ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම කප්පරතොට ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය කටුවන ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි කාන්තාවකි. මියගිය කාන්තාව ඇතුළු පිරිසක් ඊයේ (30) ගාල්ල බද්දේගම ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් නැවත ඇඹිලිපිටිය බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. වැලිගම කප්පරතොට ප්‍රදේශයේදී යතුරුපැදි නවතා මාර්ගය හරහා වෙරළට ගමන් කිරීමට යාමේදී ඇය බස් රථයේ ගැටී ඇති බව වාර්තා වේ.















