ගාල්ල බන්ධනාගාර පරිශ්‍රය තුළ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය තහවුරු කරයි. අද (03) පස්වරු 6.15ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
වෙඩි තැබීමට හේතුව හෝ ඉන් සිදුවූ හානි පිළිබඳව බන්ධනාගාර බලධාරීන් සහ පොලීසිය මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබේ. බන්ධනාගාරයේ ආරක්ෂාව තර කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා උසස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පිටත්ව ගොස් ඇත.














