ගල්ගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යමින් සිටියදී පොලිස් අත්අඩංගුවෙන් පලායාමට උත්සාහ කළ සැකකරුවෙකුට පොලීසිය අද (03) දහවල් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසක් පොලිස් ජීප් රථයට නංවාලීමට උත්සාහ කළ අවස්ථාවේදීය. එහිදී එකට මාංචු දමා සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට පැන මීටර් 75ක පමණ දුරක් දිවගොස් පලායාමට උත්සාහ කර ඇත. එහිදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් එක් සැකකරුවෙකුගේ දණහිසෙන් පහළ ප්‍රදේශයට වෙඩි වැදී තිබේ.
වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ගල්ගමුව, ගෝජරාගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. තුවාල ලැබූ සැකකරු ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. ගල්ගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.














