ලෝක ප්‍රකට ‘Game of Thrones’ කතා මාලාවේ පළමු කථාංගයේදී ඩෙනේරිස් ටාගේරියන් (Daenerys Targaryen) චරිතයට තෑගි ලැබුණු මකර බිත්තර 3 සහ ඒවා තැන්පත් කර තිබූ ලී පෙට්ටිය ප්‍රථම වතාවට වෙන්දේසියට එක් කිරීමට තීරණය කර තිබේ.මෙම සුවිශේෂී භාණ්ඩ කට්ටලය ‘Heritage Auctions’ ආයතනය හරහා එළඹෙන ජූලි 15 වැනිදා වෙන්දේසි කෙරෙනු ඇත. දැනටමත් මේ සඳහා ඩොලර් 21,000ක මූලික ලංසුවක් ලැබී ඇති අතර, එය ඊට වඩා ඉහළ මිලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.මෙම බිත්තර HBO ආයතනය විසින් කතා මාලාව සඳහා භාවිතා කළ සැබෑ උපාංග බවට සහතික කර ඇති අතර, මෙයට පෙර 2024 වසරේදී ද ‘Game of Thrones’ කතා මාලාවට අයත් අයිරන් ත්‍රෝන් (Iron Throne) අනුරුවක්, ජෝන් ස්නෝගේ අසිපත සහ ඩෙනේරිස් ටාගේරියන්ගේ ඇඳුම් ඇතුළු භාණ්ඩ රැසක් වෙන්දේසි කරනු ලැබීය.














