අත්තනගල්ල, කරස්නාගල ජල පිරිපහදු ඒකකයේ සිදුකෙරෙන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (ජූනි 16) දින සිට ප්‍රදේශ රැසකට පැය 19ක කාලයක් ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
හෙට (16) අඟහරුවාදා පෙරවරු 8.00 සිට අනිද්දා (17) බදාදා අලුයම 3.00 දක්වා.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ
මිනුවන්ගොඩ, අස්ගිරිය, උඩුගම්පොළ, ඕපාත සහ ඒ අවට ප්‍රදේශ.
ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශය, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, වැලිවේරිය, බැලුම්මහර, රතුපස්වල හා ඒ අවට ප්‍රදේශ.
මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මාහරගම, සිවුරළුමුල්ල, කිරිකිත්ත, කිනිගම, ඇටිකෙහෙල්ගල්ල සහ ඒ අවට ප්‍රදේශ.
රන්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය, ඌරාපොල, අත්තනගල්ල, බටලීය, වතුපිටිවල සහ ඒ අවට ප්‍රදේශ.
නිට්ටඹුව, වේයන්ගොඩ, කලගෙඩිහේන, තිහාරිය, නයිවල සහ ඒ අවට ප්‍රදේශ.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කරයි. එබැවින්, අදාළ කාලය සඳහා අවශ්‍ය ජලය කලින් රැස්කර තබා ගන්නා ලෙසත්, ජලය ඉතා අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත් මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි. වැඩිදුර තොරතුරු සඳහා 1939 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසිය හැකිය.
















