රුපියල් මිලියන 13,400 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කෙරෙන ගන්දර ධීවර වරායේ සංවර්ධන කටයුතු, 2026 වසරේ දෙසැම්බර් මාසය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත. ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ගන්දර ධීවර වරාය පරිශ්‍රයේ පසුගියදා (29) සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදී මෙම තොරතුරු අනාවරණය විය.
වරාය පරිශ්‍රයේදී ප්‍රදේශයේ ග්‍රාමීය ධීවර සංවිධාන නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඔවුන් මුහුණ දෙන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. අනතුරුව දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේදී, ගන්දර ධීවර වරායට අතිරේක දිය කඩනයක් (Breakwater) ඉදිකිරීමට අදාළව NHI ආයතනය සකස් කළ නව සැලසුම ධීවර ප්‍රජාව වෙත ඉදිරිපත් කර සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව ලබා ගැනීමට කටයුතු කර තිබේ. මෙම අවස්ථාව සඳහා ධීවර අමාත්‍යාංශයේ සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.
















