ජූලි මස 01 වනදාට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත පැමිණි ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සාකච්ඡාවට එක්වීමට පෙර සිය විරෝධය සහ දැඩි ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.
බස් ගාස්තු සංශෝධනය පිළිබඳ මතුව ඇති තත්ත්වය හමුවේ අදහස් දැක්වූ ඔහු, ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ශව වෙත සිය දැඩි අප්‍රසාදය පළ කරමින්, “අඩු කරන්න… මගුලක් කතා කරනවා” යනුවෙන් ප්‍රකාශ කරමින් එම අදහස් ප්‍රතික්ෂේප කළේය.
















