මොනරාගල ප්‍රදේශයට පසුගිය අඟහරුවාදා (24) සවස අයිස් කැට සහිත වර්ෂාවක් ඇද හැලී ඇති බව වාර්තා වේ.
මොනරාගල නගරය, සිරිගල රෝහල සහ රාජකීය පාසල අවට ප්‍රදේශවලට මෙම වර්ෂාව බලපා තිබේ. විනාඩි 5ත් 10ත් අතර කාලයක් පුරා පැවති මෙම තත්ත්වයේදී ප්‍රදේශයට දැඩි සුළං තත්ත්වයක් සහ අකුණු ගැසීම් ද වාර්තා වී ඇත. ප්‍රදේශවාසීන් විසින් විවිධ ප්‍රමාණයේ අයිස් කැට විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
















