ප්‍රකට ශ්‍රී ලාංකික වාස්තුවිද්‍යාඥ ජෙෆ්රිගේ නිර්මාණ ඇතුළත් විශාල ප්‍රදර්ශනයක් ජර්මනියේ විට්‍රා නිර්මාණ කෞතුකාගාරයේදී විවෘත කර තිබේ.
ජෝෆී බාවා භාරකාර අරමුදල සමඟ එක්ව සංවිධානය කර ඇති “Geoffrey Bawa: Architecture for the Senses” නම් මෙම ප්‍රදර්ශනය සඳහා බාවාගේ නිර්මාණ ඇතුළත් ඇඳීම්, ආකෘති, ගෘහභාණ්ඩ, ඓතිහාසික දර්ශන සහ ඡායාරූප 250කට අධික ප්‍රමාණයක් එකතු කර ඇත. ආසියාවේ 20 වැනි සියවසේ බලපෑම් සහගතම වාස්තුවිද්‍යාඥයෙකු ලෙස සැලකෙන බාවාගේ නිර්මාණ නවීනවාදී මූලධර්ම සහ ශ්‍රී ලංකාවේ පොහොසත් ඉතිහාසය මුසු කරමින් නිර්මාණය වී ඇති අතර, මෙම ප්‍රදර්ශනය 2027 පෙබරවාරි 28 වන දින දක්වා ජර්මනියේදී පවත්වා අනතුරුව හොංකොං හි M+ කෞතුකාගාරය වෙත රැගෙන යාමට නියමිතය.














