ජර්මන් ජාතිකයෙකුගෙන් යුරෝ 91,860ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.5කට අධික) වංචා කිරීමේ චෝදනාව මත බෙන්තර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සංචාරක මඟපෙන්වන්නෙකු අද (06) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරට සංචාරක ව්‍යාපාරයක ආයෝජනය කිරීමේ අරමුණින් අදාළ ජර්මන් ජාතිකයා විසින් මෙම මුදල සැකකරු වෙත ලබා දී ඇති අතර, පසුව එම මුදල වංචනික ලෙස පරිහරණය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණු පැමිණිල්ලක් මත විධිමත් පරීක්ෂණයක් ආරම්භ කෙරිණි. එම විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගත් අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
















