ගාල්ලේ පිහිටි ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහලේ මාතෘ සහ ළමා සත්කාරක සේවාවන් තවදුරටත් දියුණු කිරීමේ අරමුණින් බේබි චෙරාමි ආයතනය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ රෝහල තුළ දිශානුගත සහ තොරතුරු ඇතුළත් විවිධ පුවරු ස්ථාපනය කර ඇත. මව්වරුන්ට සහ දරුවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය කරුණු, ගර්භණී සමය, දරු ප්‍රසූතිය සහ මුල් ළමාවිය රැකවරණය පිළිබඳව මෙම පුවරු මගින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මගපෙන්වීම් ලබා දේ.
ඊට අමතරව, රෝහලේ අලුත උපන් දරුවන්ගේ දැඩි සත්කාර ඒකකය (NICU) වෙත වසරක කාලයක් සඳහා අවශ්‍ය වන නවජාත බිළිඳු ඩයපර් තොගයක් පරිත්‍යාග කිරීමට ද බේබි චෙරාමි පියවර ගෙන ඇත. මෙම ඩයපර් විශේෂයෙන්ම නොමේරූ බිළිඳුන්ගේ සියුම් සමේ අවශ්‍යතාවන්ට පවා ගැලපෙන පරිදි ඉතා ඉහළ ආරක්ෂිත ප්‍රමිතියකින් යුතුව නිපදවා ඇති අතර, එය බිළිඳු සනීපාරක්ෂාව සහ යහපැවැත්ම උදෙසා බේබි චෙරාමි සතු කැපවීම මනාව විදහා දක්වයි.
මෙම හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දක්වමින් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි අලෙවි අධ්‍යක්ෂ ශියන් ජයවීර මහතා සඳහන් කළේ, දශක හයකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ මව්වරුන්ගේ සහ දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් බේබි චෙරාමි ඉටුකරන කාර්යභාරයේ තවත් එක් පියවරක් මෙය බවයි. ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සොමරත්න කෝනාර මහතා ද සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය මගින් රෝහලට පැමිණෙන මව්වරුන්ගේ සහ අමුත්තන්ගේ රෝහල් අත්දැකීම බෙහෙවින් වැඩිදියුණු වී ඇති බවයි.















