දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා ඇතැම් පිරිස් ගොවීන් ලෙස පෙනී සිටිමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ගිරිතලේ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීන් සිය දැඩි විරෝධය පළ කර තිබේ.
මෙම කරුණ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් සඳහන් කර සිටියේ, දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් ගොවිකම සහ ගොවි ජනතාව පාවා දීමට ඇතැම් දේශපාලනඥයන් කටයුතු කරන බවයි. සැබෑ ගොවීන්ගේ ගැටලු වෙනුවට දේශපාලන න්‍යායපත්‍රවලට අනුව ගොවි ප්‍රශ්න අර්ථකථනය කිරීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන බවත්, එවැනි ක්‍රියාමාර්ග ගොවි ජනතාවගේ ගෞරවයට හානි පමුණුවන බවත් ගොවීන් පෙන්වා දෙයි.
















