ගිරිඋල්ල පොලිස් වසමේ මැද්දේපොළ බෝධිරාජාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහර හේතුවෙන් ඔක්තෝබර් 24 වැනිදා රාත්රී 9.00 සිට පසුදින අලුයම දක්වා ගිරිඋල්ල–නාරම්මල ප්රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතය.
පෙරහර එදින රාත්රී 9.00ට විහාරස්ථානය ඉදිරිපිටින් ආරම්භ වී ගිරිඋල්ල–නාරම්මල ප්රධාන මාර්ගය ඔස්සේ වීථි සංචාරය කිරීමට නියමිත බැවින්, ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව, නාරම්මල දෙසින් පැමිණෙන බර වාහන දම්පැලැස්ස හන්දියෙන් හැරී අලව්ව මාර්ගයට පිවිසිය හැකිය. එම දිශාවෙන් පැමිණෙන සැහැල්ලු වාහනවලට ගිරිඋල්ල මාහරගම හන්දියෙන් ඇති මාර්ගය ඔස්සේ අලව්ව මාර්ගයට පිවිසිය හැකිය.
මීගමුව–නාරම්මල මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවලට නාරංගොඩ හන්දියෙන් කැලණියමුල්ල හරහා හමන්ගල්ල මාර්ගයට පිවිස ගමන් කළ හැකිය.
පන්නල සිට ගිරිඋල්ල හරහා කොළඹ දෙසට ගමන් කරන වාහන මැල්ලවලාන හන්දියෙන් දකුණට හැරී කොටදෙනියාව දක්වා ගමන් කළ හැකි අතර, බර වාහන සඳහා පන්නල–මැල්ලවගෙදර හරහා කොටදෙනියාව මාර්ගය භාවිත කළ හැකිය.
කොළඹ දෙස සිට ගිරිඋල්ල නගරය හරහා නාරම්මල දෙසට ගමන් කරන වාහනවලට හද්දාමුල්ල හන්දියෙන් මීරිගම හෝ අලව්ව දෙසට ගමන් කර අධිවේගී මාර්ගය ඔස්සේ නාරම්මල දෙසට පිවිසිය හැකි බව පොලිසිය දැනුම් දෙයි.
එබැවින්, පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා අදාළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
















