27 April 2024
#දේශීය

පිලිස්සීමෙන් දැරියක් මරුට .. නිවස තුල පෙට්ට්‍රල් ගැලුමක් තිබුණිදැයි සැකයක්

ඉලවාලි, පිරාන්පිට්ටු, පණ්ඩතිරිප්පු ප්‍රදේශයේ පසුගිය 02 වනදා රාත්‍රීයේදී නිවසක ඇති වු ගින්නක් හේතුවෙන් දැරියක් මිය ගොස් ඇති බව ඉලවාලි පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 17 ක් වන පිරාන්පට්ටු, පණ්ඩතිරිප්පු ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම දැරිය තෙලිප්පලේ ප්‍රදේශයේ පාසලක උසස් පෙල පන්තියේ ඉගෙනුම ලබන දැරියක් බවත්, ඇය එදින නිවසේ ආගමික කටයුතු සිදු කරන කාමරය තුලදී ගිනිකුරකින් පහනක් දල්වා ඇත.

එම දැල් වු ඉවතලක ගිනිකුර රෙදි කැබැල්ලකට වැටීමෙන් ගින්න හටගෙන ඇති බවත් එම අවස්ථාවේ කාමරය තුල නිවසට රැගෙන එන ලද පෙට්ට්‍රල් සහ ගැලුමක් තිබි ඇති බවට පොලිසිය සැකකරන අතර එම ගින්නට හසු වු දැරිය පිලිස්සි රෝහල් ගත කිරීමේ මිය ගොස් ඇති බව අනාවරණ වී ඇත.

මෘත ශරීරය සංකානි රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර ඉලවාලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *