27 April 2024
#දේශීය

දියේ ගිලි දැරියක් මරුට

නුරිය, කිරිහේන ප්‍රදේශයේ රක්කනාව දිය ඇල්ලේ දිය නාමින් සිටි වයස අවුරුදු 09 ක දැරියක් දියේ ගිලි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (04) උදෑසන කාලයේදී නිවැසියන් සමඟ මෙම මිය ගිය දැරිය දිය නාමින් සිට ඇත. එහිදී දියේ ගිලිම හේතුවෙන් බරපතල තත්ත්වයෙන් දැරණීගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

මෘත ශරිරය දැරණිගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයේ නුරිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *