27 April 2024
#දේශීය

මාතලේ බුස්ටර් එන්නත ලබා දිම

මාතලේ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් සදහා කෝව්ඩ් බූස්ටර් එන්නත ලබා දීම මේ දිනවල දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වන අතර දැනටමත් මෙම එන්නත ලබා දීමේ ප්‍රගතිය 50% ක් ඉක්මවා ඇති බව දිස්ත්‍රික් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මාතලේ හින්දු විද්‍යාලයේ දී පසුගියදා එන්නත් ලබාදීම සිදු කළ අතර මෙම අවස්ථාවට මාතලේ නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා ද එක්ව සිටියහ.

මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය පළාත් පාලන ආයතන , ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රාෙද්ශීය සෞඛ්‍ය කාර්යාල වල සහයෝගය ඇතිව වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *