• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජී එල් පීරිස්ගේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගනි

31 August 2022
in දේශීය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා ඇතුළු මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායම්ක් ලෙස විපක්ෂයේ අසුන් ගනී.

වර්තමාන පාර්ලිමේන්තුව තුළ සැබෑ ජනතා මතය සහ අපේක්ෂාවන් පිළිබිඹු නොවන හෙයින් ජනතා මතයට ගරු කරමින් ජනතාවගේ අපේක්ෂාවන් වලට මුල් තැන දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරමින්, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට තමන් ඇතුළු මන්ත්‍රි මන්ත්‍රීවරුන් දහදහතුන් දෙනෙකු තීරණය කළ බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී පීරිස් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (31) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේ,. 2020 මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ජනතාවගෙන් ඉල්ලූ ජනවරමට ඉලක්කගත වැඩපිළිවෙළක් සහ ක්‍රමවේදයක් ඉදිරිපත් කළ අතර ,ඒ සඳහා ජනතාව සුවිශාල ජනවරමක් ලබා දුන් බවත් ,වර්තමානය වන විට එම ජනවරමට පිටුපා කටයුතු කිරීම කණගාටුදායක තත්ත්වයක් වන බවයි.

මෙහිදී විශාල ම අසාධාරණය සිදු වූයේ පොහොට්ටුව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ ඡන්ද දායකයන් හට බව පෙන්වාදුන් ජී .එල්. පීරිස් මහතා සදහන් කළේ පොහොට්ටුවේ පාක්ෂිකයන්ගේ හෘද සාක්ෂිය වෙනුවෙන් කටයුතු කිරීමට තමන් ඇතුලු පිරිස කැප වන බවයි.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව දැවැන්ත අර්බුද රාශියකට මුහුණ පා සිටින බවත් ඉතිහාසයේ සිට එවැනි අර්බුද කාරි තත්වයන්ට මුහුණදීමට ශ්‍රී ලාංකීය ජනතාවට ශක්තිය පැවැති බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් සැපයූ ශක්තිය මේ වන විට අහිමි වී ඇති බවත් පෙන්වාදුන් ජී .එල්. පීරිස් මහතා සඳහන් කළේ.ඊට බලපා ඇති ප්‍රධාන ම හේතු වන්නේ වර්තමානයේ රට තුළ නියෝජනය වන මහජන මතය පාර්ලිමේන්තුව තුළින් නියෝජනය නොවී විකෘති තත්ත්වයක් පාර්ලිමේන්තුව තුළ ඇතිවී තිබීම බවයි.

ඒ අනුව පසුගිය මැතිවරණවලදී ජනතාවට ලබාදුන් ප්‍රතිඥාව ට ගරු කරමින් පොදුජන පෙරමුණට ලබාදුන් ජනවරමේ ගරුත්වය ආරක්ෂා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීනව කටයුතු කරමින් විපක්ෂයේ අසුන් ගැනීමට තමන් ඇතුළු මන්ත්‍රීවරු දහ තුන්දෙනා අද දිනයේ සිට කටයුතු කරන බව වැඩිදුරටත් සදහන් කලේය

Post Views: 7
Previous Post

උද්ඝොෂණයේදී අත්අඩංගුවට ගත් අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගන්නේ නෑ – අගමැති

Next Post

නෙළුම් කුළුණේ මෙහෙයුම් එළැඹෙන 15 වනදා ඇරඹෙයි

editor

editor

Next Post

නෙළුම් කුළුණේ මෙහෙයුම් එළැඹෙන 15 වනදා ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved