22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත වී දැනට බලාත්මක වුව ද, එය එතැනින් අවසන් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් පවසයි. අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ, අනාගත පාර්ලිමේන්තුවකට මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ පූර්ණ හැකියාව පවතින බවයි.
ඒ අනුව, තව වසර තුනකින් පත්වන නව පාර්ලිමේන්තුවට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීමට අයිතිවාසිකමක් පමණක් නොව වගකීමක් සහ යුතුකමක් ද ඇති බව ඔහු පෙන්වා දුන්නේය. නීතියේ පිළිගත් මූලධර්මවලට අනුව අනාගත පාර්ලිමේන්තුවල අත් බැඳ තැබීමේ හැකියාවක් කිසිදු පාර්ලිමේන්තුවකට නොමැති බවත්, වත්මන් පාර්ලිමේන්තුව සිදුකරන තීන්දු ඉදිරියේදී පත්වන පාර්ලිමේන්තුව ඒ ආකාරයෙන්ම පිළිගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.















