පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය” නමැති පනත් කෙටුම්පත හෝ එහි යම් ප්රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද යන්න තීරණය කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
අද (18) දින ගොනු කරන ලද මෙම පෙත්සම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අයැද සිටිනු ලබයි.
මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති අතර, පෙත්සම්කාර මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙනුවෙන් නීතිඥවරුන් වන නලින් මාරියෝ අල්විස්, දිනූෂා ෂමිලා ප්‍රේමතිලක සහ ඉසුරු සමීර ජයසූරිය යන මහත්වරුන් පෙනී සිටිති.














