මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් අවසන් වී සාම ගිවිසුමක් ඇතිවනු ඇතැයි පවතින සුබවාදී බලාපොරොත්තු හේතුවෙන් ගෝලීය වෙළඳපොළේ බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන මිල ගණන් පහත වැටී තිබේ.
ගෝලීය වෙළඳපොළේ ප්‍රධාන බොරතෙල් දර්ශක වන WTI Crude 5.13%කින් සහ Brent Crude 4.93%කින් පහත වැටී ඇති අතර, Murban බොරතෙල් මිල 6.45%ක දැවැන්ත අඩුවීමක් වාර්තා කරයි.
ශ්‍රී ලංකාව ඉන්ධන මිලදී ගන්නා ප්‍රධාන මධ්‍යස්ථානය වන සිංගප්පූරු ප්ලැට්ස් (Singapore Platts) වෙළඳපොළේ ඩීසල් මිල ද පහත වැටී ඇති අතර, NYMEX සිංගප්පූරු ගැසොයිල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 158.32ක් ලෙස සටහන් වේ.යුද ආතතීන් ලිහිල් වීමත් සමඟ සැපයුම් දාමයන් යථා තත්ත්වයට පත්වීම මෙම මිල පහත වැටීමට ප්‍රධාන හේතුව බව වාර්තා වේ.සිංගප්පූරු ප්ලැට්ස් වෙළඳපොලේ වත්මන් මිල ගණන් අනුව, බදු සහ අනෙකුත් ගාස්තු හැර ඩීසල් ලීටරයක ශුද්ධ ආනයනික පිරිවැය රුපියල් 298.74ක් පමණ වේ.














