අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා යළි ආරම්භ වීමේ සූදානමක් පවතින බවට පළ වූ වාර්තාත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 3.8 කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 95.54 ක් ලෙස සටහන් වූ අතර, ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.85 ක් දක්වා අඩු වී ඇත. ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් වන මර්බන් (Murban) බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 100.80 දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ. පිරිසිදු බවින් සහ සල්ෆර් අඩු මට්ටමකින් යුත් මර්බන් බොරතෙල්, පිරිපහදු කිරීමේ පහසුව හේතුවෙන් මෙරට බලශක්ති අවශ්‍යතා සඳහා ප්‍රමුඛව භාවිත කෙරේ.














