• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ග්ලයිෆොසෙට් තහනම් කළ යුතුයි – ඇමැති රාජිත කියයි

19 August 2018
in දේශීය

ග්ලයිෆොසෙට් සම්බන්ධයෙන් ඇමරිකානු අධිකරණ ලබාදුන් තීන්දුවට අනුව සෑම රටකටම ග්ලයිෆොසෙට් තහනම් කිරීමට සිදු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවක දීය.

එම අධිකරණ තීන්දුවට අනුව ග්ලයිෆොසෙට් පිළිකා සහ වකුගඩු රෝග සදහා හේතුකාරක සදහා වන බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

ඇමරිකානු පුරවැසියෙකු ගොනු කළ නඩුවක තීන්දුව මෙලෙස ලබාදුන්නේ ලක් රජය ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර මාසයක් ගත වන අවස්ථාවේ දීයි.

ලක් රජය ගත් එම තීන්දුව යහපාලනය ක්‍රියාත්මක වන රටක් ලෙස ගත් වැරදි තීන්දුවක් බවත් එම නිසා එම තීන්දුව වෙනස් කළ යුතුයි බව හෙතෙම කියා සිටියේය. අධිකරණ තීන්දුවට අනුව ලෝව සෑම රටකටම ග්ලයිෆොසෙට් තහනම් කිරීමට සිදු වන බව අමාත්‍යවරයා පැවසිය.

ලක් රජයටත් යළි එම තහනම ක්‍රියාත්මක කිරීමට සිදු වනු ඇත. එසේ නොමැති වුවහොත් ග්ලයිෆොසෙට් යොදා තේ වගාව සිදු කිරීම තුලින් තේවල පිළිකා කාරක ඇති බව ලොව තේ ආනයනකරුවන් ප්‍රකාශ කළ හොත් ශ්‍රී ලංකාවට ආර්ථිකමය ගැටලුවක් ද පැන නැගිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

මේ අතර රුධිර කාන්දුපෙරණය සිදු කිරීමට වඩා පහසු ක්‍රමයක් වන සී.ඒ.පී.ඩී විකල්ප ක්‍රමය (CAPD Solution) රජරට කළාපයේ සියලුම වකුගඩු රෝගීන්ට හදුන්වා දෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ආයෝජන ව්‍යාපෘතියක් මගිනි. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමෙන් පසු මෙම ක්‍රමය සමස්ත රජරට කළාපයේම වකුගඩු රෝගීන්ට ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.

මෙය නවීන පහසු තාක්ෂණික ක්‍රමවේදයකි. මෙම ක්‍රමවේදය ආරම්භ කරනු ලැබුවේ ද සෞඛ්‍ය අමාත්‍යවරයා විසිනි. මෙම ක්‍රමවේදය සදහා අවශ්‍ය CAPD – Solution Continues Ambulatory Peritoneal Dialysis Solution දියර වර්ගය මෙරටට ආනයනය කරන ලද්දේ ලියාපදිංචි එක් සමාගමක් විසින් පමණකි. එම නිසා මෙම (CAPD Solution) දියරයෙහි හිගයක් ඇති වී තිබිනි. ඒ හේතුවෙන් තවත් සමාගම් දෙකක් ලියාපදිංචි කර මෙම දියරය ගෙනඒමට කටයුතු කර ඇත. එම සමාගම් මගින් මේ වන විටත් (CAPD Solution) දියරය තොග ගෙන්වා ඇති අතර, අවශ්‍ය බෙදාහැරීමේ කටයුතු ද සිදු කරමින් පවතී.

 

Post Views: 6
Previous Post

විදෙස්ගතවන ශ්‍රී ලාංකිකයන්ගේ ලේකන සහතික කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට

Next Post

19 න් රිංගන්න මහින්දට බෑ – ඇමැති දුමින්ද කියයි

editor

editor

Next Post

19 න් රිංගන්න මහින්දට බෑ - ඇමැති දුමින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved