අධිකරණ තීන්දුවක් මත සිරදඬුවම් විඳින පූජ්ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහජන අත්සන් දසලක්ෂයක් එකතු කිරීමේ වැඩසටහනක් මහනුවරදී ආරම්භ කර තිබේ.
ලංකාලෝකය වෙබ් අඩවියේ වාර්තාවට අනුව, එම වැඩසටහන ඔක්තෝබර් 17 වැනිදා සෙනසුරාදා පෙරවරුවේ ඓතිහාසික ශ්රී දළදා මාළිගාව ඉදිරිපිටින් ආරම්භ කර ඇත.
භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ සිවිල් සංවිධාන ක්රියාකාරීන්ගේ මූලිකත්වයෙන් මහනුවර දළදා වීදියේදී අත්සන් ලබාගැනීම සිදුකර තිබේ.
මෙම වැඩසටහනේ අරමුණ ඥාණසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහජන සහයෝගය රැස්කර අදාළ ඉල්ලීම ඉදිරිපත් කිරීම බව වාර්තාවේ සඳහන් වේ.
















