ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ජාතික තණතීරු භාරකරු ගොඩ්ෆ්‍රි ඩබාරේ මහතා අද (29) වයස අවුරුදු 62දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ශ්‍රී ලංකාව පුරා ක්‍රිකට් ක්‍රීඩාංගණවල තණතීරු සකස් කිරීම සහ ක්‍රීඩාංගණ නඩත්තුව අධීක්ෂණය කළ ඔහු, ජාත්‍යන්තර තරග පැවැත්වීම සඳහා ක්‍රීඩාංගණ සූදානම් කිරීමට දායකත්වය ලබාදී තිබුණා.
එමෙන්ම ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ කළමනාකරු ලෙසද කටයුතු කරමින් ජාත්‍යන්තර සංචාර සහ තරගාවලි සඳහා ක්‍රීඩාංගණ සූදානම් කිරීමේ කටයුතු මෙහෙයවා තිබෙනවා.
2023 ආසියානු කුසලාන තරගාවලියේදී පැවති අධික වර්ෂාව හමුවේ ක්‍රීඩාංගණ ආරක්ෂා කරමින් තරග පැවැත්වීමට සූදානම් කිරීම සඳහා ඔහු ඇතුළු තණතීරු භාරකරුවන් සහ ක්‍රීඩාංගණ සේවකයින් දැක්වූ කැපවීමද විශේෂයෙන් ඇගයීමට ලක්ව තිබුණා.
එම දායකත්වය වෙනුවෙන් කොළඹ සහ මහනුවර ක්‍රීඩාංගණවල තණතීරු භාරකරුවන් සහ ක්‍රීඩාංගණ සේවකයින් සඳහා අමෙරිකානු ඩොලර් 50,000ක ත්‍යාගයක් ලබාදීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණා.
















