ලොව විශාලතම සහ ප්‍රමුඛතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය වන Google සමාගම ආරම්භ කර අදට වසර 28ක් සපිරෙන බව Geo News පුවත් සේවය වාර්තා කරයි.
1998 සැප්තැම්බර් 04 වනදා ඇමෙරිකාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂකයින් වූ ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් විසින් කැලිෆෝනියාවේ ගරාජයකින් ආරම්භ කළ මෙම ආයතනය, අද වන විට ගෝලීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය, කෘතිම බුද්ධිය සහ ක්ලවුඩ් තාක්ෂණය මෙහෙයවන Alphabet Inc. මව් සමාගම යටතේ පවතින ඩොලර් ට්‍රිලියන ගණනක වටිනාකමකින් යුත් යෝධ බහුජාතික සමාගමක් බවට පත්ව ඇත.














